Showing posts with label දේශපාලන සටහන. Show all posts
Showing posts with label දේශපාලන සටහන. Show all posts

Thursday, December 5, 2019

පනින රිලවුන්ට ඉණිමන් බදින ගෝඨාගේ පරිසර ප්‍රේමයේ...



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දිනකිහිපයේ ගත් ක්‍රියාමාර්ග වලදි ඔහු බොහොම පරිසරහිතකාමි පිරිසිදුකම ගැන හිතන අලුත් විදියට වැඩකරන බවක් පෙන්වීමට උත්සාහ කලා..කැලිකසල එකතු කිරීම විධිමත් කිරීමේ සිට නගර වල යාචකයන් සහ පදික වෙළදුන් ඉවත්කිරීමට පවා ඔහු කටයුතු කලා..

නමුත් අද වනවිට  ඔහුගේ මෙම ප්‍රදර්ශණකාමී පරිසර සංරක්ෂණ ව්‍යාපෘති හමුවේ සුරාන්තයට ලගාවී සිටි ජනතාවගේ ආතල් එක කුඩු කරමින්  ,ප්‍රථිපත්ති ප්‍රකාශන වල පරිසර සංරක්ෂණය ගැන ලියාතිබූ වචන සුපුරුදු පරිදි මැතිවරණයේදී ජනතාව මුලා කරමින් චන්දය කොල්ලකෑමේ හුදු ප්‍රලාප පමණක් බව නැවත් වරක් සනාථ කරමින් ගෝඨාභයගේ පරිසර ප්‍රේමයේ සැබෑ නිරුවත අද වන විට සමාජය ඉදිරියේ ප්‍රදර්ශණය කරමින් සිටී..ඒ නැවත වතාවක් ජාවාරම්කාර මැති ඇමතිවරුන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ මනදොළ පිනවීම සදහා වැලි,පස් සහ ගල් ප්‍රවාහනයට තිබු එකම නියාමනය වන බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරමිනි.

ගංගාවකින් හෝ වෙනත් ජලපහරකින් වැලි එක්රැස් කිරිම සිදුකල යුතු පරිසර විද්‍යාත්මක ක්‍රමවේදය වන්නේ එම ගංගාවේ වාර්ශික අපසාදන ගලායැම විද්‍යාත්මකව ගනන් බලා  (Sediment flow Modelling) වැලිඑක්රැස්වන ස්තාන වලින් ගංගාව හා ආශ්‍රිත පරිසර පද්දතිවල පැවැත්මට හානිකර නොවන ප්‍රමානය එක්රැස් කිරිම.
නමුත් ඒසහදහා අවශ්‍ය නිවැරදි දත්ත අප සතුව නොමැති බැවින් බොහෝවිට සිදුවන්නේ භුවිද්‍ය හා පතල් කාර්යංශය (GSMB)  මගින් යම් නිශ්චිත වැලි තොටුපලවල් සදහා මාසිකව කැනිම් බල පත්‍ර ලබා දිම සහ දිනකට පමනක් වලංගු ප්රවාහන පලපත්‍රයක් නිකුත් කිරිම.

මෙම ක්‍රියාදායම අතිශයින් දුෂිත නිලදාරින් විසින් විසින් ජාවාරමක් බවට පත්කරගෙන පැවතියත් යම් ආකාරයකහෝ නියාමනයක් ඇතිව තිබෙන්නේ මෙම බලපත්‍රය නිසා.

නියාමනයකින් තොරව වැලිකැනිමේ බරපතල පාරිසරික හානියට අපේ ප්‍රදාන ගංගා සියල්ලම මුහුනදි තිබිම හෙුතුවෙන් වෙලරල කලාපයට ආසන්න වනටවිට ගංගා සියල්ලෙහිම පාහේ පතුල පවතින්නෙ මුහුදු මට්ටමට වඩා පහලින්.
මේ නිසා ලවන ජලය ගංගා ඔස්සේ ඉහලට පැමිනිමත් ජලයේ ලවනතාවය වෙනස්විම විසින් මිරිදිය මත්ෂයින් හා ජලජ ජීවින්ගේ පැවැත්ම අනතුරට ලක්වනවා මෙන්ම නාගරික ප්‍රදේශ වලට පානිය ජලය සපයන ජල තුලුමං(වටෙර් ඉන්ටකේ තුලට ලවන ජලය පැමිනිම බරපතල අර්බුදයක් බවට පත්ව තිපෙනවා.

දැනට පවතින නීතිමය අවහිරකම් යටතේ පවා දූෂිත නිළධරයන්ගේ ආශිර්වාදයෙන් ගංගා වලින් වැලි ගොඩදමමින් මෙවැනි පාරිසරික අවදානමක් නිර්මාණය කර තිබියදී "පනින රිලවුන්ට ඉණිමන් බදිමින්" ගත් මෙම තීරණය හේතුවෙන් ඇතිවන පාරිසරික අර්බුධ හමුවේ පීඩාවට පත්වීමට සිදුවන්නේ මෙම තීරණගත් පාලකයන්ටවත් ඒ අවසරයෙන් පරිසරය විනාශ කරමින් ලාභ ගරන ව්‍යාපාරිකයන්ටවත් නොව සාමන්‍ය ජනතාවට සහ අනාගත පරම්පරාවටයි..

Monday, July 8, 2019

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයට විරුද්ධව අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයෙන් විරෝධතා පා ගමනක්




මඩකලපුව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින පුද්ගලික විශ්වවිද්‍යාලය පරාජය කිරීමට ආණ්ඩුවට බල කරමින්  ජූලි 09 වන දින  අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් විරෝධතා පා ගමනක් කොළඹදී සංවිධානය කර ඇත.

පා ගමන,

- ජන්ද ගුණ්ඩු එපා. අධ්‍යාපනය විකුණන මඩකලපුව උපාධි කඩය වහා අහෝසි කරනු!

- නාගානන්ද සිබා NSBM කොතලාවල ඇතුළු උපාධි කඩ වහා අහෝසි කරනු!

-තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතනය කිරීමේ මුවාවෙන් ගෙනඑන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඉරා දමවු!

-ජනතාවනි,
නිදහස් අධ්‍යාපනය වනසන නව පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව සටන් වදිමු!

- ජාතික ආගමික පදනමින් පාසල් - සරසවි එපා!

- සිසු කම්කරු පොදුජන අරගල මැඩලීමට ගෙනඑන ප්‍රති ත්‍රස්ත පනත වහා හකුලා ගනු!

- සිසු නිදහස තහවුරු කරනු. අන්තවාදයට මුවාවී කරන මර්දනය නවතනු!

ලෙස බල කරමින් අද දින  පෙරවරු 11ට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් මෙම  පා ගමන ආරම්භ වේ.

Thursday, December 13, 2018

උන්ගේ බල පොරය හා විඳවන අපේ ජීවිත




ධනේෂ්වර ව්‍යවස්ථාවට මෙන්ම ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදයටත් පටහැනිව ඔක්.26 සිදුවූයේ දේශපාලන කුමන්ත්‍රණයකි. ඒ ධනවාදයේ හැටිය. එයට ඕනෑම මොහොතක කබරගොයි තලගොයි කළ හැක. මේ පුපුරා ගියේ හදිසියේ පැනනැගුනු අර්බුදයක් නොවේ. කාලයක් තිස්සේ මෝරා වැඩෙමින් තිබුණකි. මේ අර්බුදය එන්නේ යහපාලන ආණ්ඩුවේ උප්පතියේ පටන්මය. එදා පොදු සතුරා මහින්දය.  ඒ නිසා කවුරුත් එක්වූ පොදු අරමුණ මහින්ද පැරදීමය. වංචා, දූෂණ නැවැත්වීම, ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම,, යහපාලනය ආදී මේ සියල්ල එහිදී භාවිතා වූයේ හුදෙක් ජනතාව රැවටීම සඳහාම පමණි.
සිරිසේන බලයට ආවේ මහින්දගෙන් වූ අතවර ගැන කියා නාහෙන් අඬාගෙනය. පක්ෂයේ නායක කමද අහිමිවන තැනක සිටි රනිල්ටද වෙන පාරක් තිබුණේ නැත. ජවිපෙත් හිටියේ වැලේ වැල් නැතිවය. ඒ නිසා අනියමින් හවුලට එක්විය. ඒ නිසා යහපාලන ආණ්ඩුවම ගත්විට අර්බුදයකි. උපාසක වෙස් ගත් කොකුන් රෑනක බක තපසකි. අන්තිමේ රැවටුණේ  ජනතාව පමණි.

මැතිවරණ පොරොන්දු හා බිඳවැටුණු බලාපොරොත්තු 
යහපාලනය තුළ ජනතාව අපේක්ෂා කළේ වෙනසකි. එය පැමිණියේ පොරොන්දු දහසක් සමඟිනි. ප්‍රජාතන්ත්‍රවාදයේ දෝලාව මතිනි. එහෙත් යහපාලනය යනුද රාජපක්ෂ පාලනයේම දිගුවකි. ප්‍රතිපත්තිමය වශයෙන් පමණක් නොව පාලනය ගෙන ගිය ඔළුගෙඩිවලින් ගත්තද එහි කිසිඳු වෙනසක් තිබුණේ නැත. අධ්‍යාපන, සෞඛ්‍ය වැනි සමාජ සේවාවන්ද, විශ්‍රාම වැටුප වැනි සමාජ ආරක්ෂණ යන්ද එලෙසම කප්පාදු කෙරිණි. උමා ඔය, වරාය නගරය වැනි විනාශකාරී ව්‍යාපෘති එසේම ඉදිරියට ඇදුනි. මර්දන අනපනත් යළි යළිත් සම්මත වුණි. බදු පනත්, කම්කරු නීති සංශෝධන හා විනාශකාරී වෙළඳ ගිවිසුම් හරහා පමණක් නොව දිනෙන් දින ඉහළ යන උද්ධමනය හා ජීවන බර හමුවේද ජනතාව ගෙලමුලින් හිර කර දමන ලදී. පොරොන්දු වූ පරිදි සිදුවූයේ එක් දෙයක් පමණි. ඒ නීතියේ ආධිපත්‍යය පිහිටුවීමයි.  නමුත් ඒ වංචා දූෂණවලට එරෙහිව නොව ජනතා අරගලවලට එරෙහිව පමණි.
මේ යහපාලනයේ ශේෂ පත්‍රයයි. නමුත් හැම විටම ඔවුන්ට හේතුවක් තිබුණි. එනම් ඒ සිරිසේනට අනුව වරදකරුවා රනිල්ද රනිල්ට අනුව වරදුකරුවා සිරිසේනද වශයෙනි. මේ ගැටුම ක්‍රමිකව වෛරයක් බවටම පෙරලී ගිය අතර එහි තර්කානුකූල අවසානය මෙකී පුපුරායාමයි.

ව්‍යවස්ථා මගඩි හා බල පොරය                   
 විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හුදු මැතිවරණ පොරොන්දුවක්ම පමණි. 19 ජනතාව ගොනාට ඇන්දවීමට ගෙනා ව්‍යාජ ලියවිල්ලක් පමණි. එය දැන් මේ ව්‍යවස්ථා අර්බුදය හරහා හෙළිදරව් වී ඇති අතර සිදුවී ඇත්තේ විධායක බලය රැකගැනීමේ සිරිසේනගේ උවමනාවත්, අගමැතිට බලය තහවුරු කරගැනීම සඳහා වූ රනිල්ගේ උවමනාවත් අතර කඹ ඇදීමක් පමණි. එක් වගන්තියක් හරහා බලතල ඉවත් කරද්දී තවත් වගන්තියකින් එම බලතලම යළි ඇතුළත් කිරීම තුළ පෙනී යන්නේ මෙම බල පොරය මිස අන් යමක් නොවේ.
සිරිසේනගේ අපේක්ෂාව විධායකය රැකගෙන යළි ජනාධිපති වීමයි. මහින්ද හා දීග යාමේ රහස තිබෙන්නේ එතැනය. සිරිසේන හා මහින්ද යනු එකිනෙකාට සතුරු වූවන්ය. දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත. මෙහිදී සිරිසේනටත් මහින්දටත් සතුරුකමට වඩා වැදගත් බලයයි. යූඑන්පිය නැවතත් සිරිසේන ජනාධිපති කරන්නේ නැත. මහින්ද එලවා පක්ෂයේ බලය තහවුරු කර ගැනීමද කළ නොහැකි විය. ජනපතිවරණයකින් දිනන්නට තනි හැකියාවක්ද නැත. යළිත් ජනපති වන්නට නම් සිරිසේනට පාර ඇත්තේ මහින්ද හරහාය. මහින්දටද නැවත ජනපති විය නොහැක. ජනපතිවරණය ඔහුට මාරාන්තිකය. ගෝඨා ජනපති වුවහොත් නාමල් රජ වී හමාරය. එහෙයින් මෛත්‍රී හා සන්ධානගතවීම මහින්දගේ ඇඟට ගුණය. රට දැය සමය උකසට තැබූ බලමාරුවේ සැබෑ හරය එයයි.

වැරදුණු කුරුමාණම හා උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම                     
නමුත් බල පෙරළියේ තක්සේරු බිඳ වැටිණි. රනිල්ද වැඬේ අත්හැරියේ නැත. අරලියගහ මන්දිරේ සිටිමින් ඔහු සටන ආරම්භ කළේය. පාර්ලිමේන්තුව තුළ බහුතරය ඇතැයි කිව්වද මුදලට හා ඇමතිකම්වලට මන්ත්‍රීවරු ආවේ නැත. මහින්ද චීන මුදලින් මිලදී ගන්නට සිතුවද රනිල් එක්සත්
ජනපද මුදල්වලින් මන්ත්‍රීවරුන් රඳවාගැනීමට ගෙවන්නට ඇතුවාට සැක නැත. ඒ නිසා සිරිසේනගේ කුරුමාණම වැරදී ගිය අතර පාර්ලිමේන්තුව විසුරුවන්නට සිදුවිය. රනිල් අධිකරණයට ගිය අතර ජනාධිපතිගේ තීරණය අත්හිටුවීමේ නියෝගය වාසියට හිටියේය. ඒ අනුව පාර්ලිමේන්තුව නොවැ.14 කැඳවීමට සිදුවූ අතර 2015 වංක සහයෝගය යළි සන්ධානගත විය. මෙතෙක් රනිල්ට බැණ වැදුණු  ජවිපේම විශ්වාසභංගය ගෙනාවේය. පාර්ලිමේන්තුව යුධ පිටියක් වූ අතර නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ දුර්ගන්දය රට පුරා පැතිරිණි.
මේ තුළ සිදුවූ වැදගත්ම දෙය ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත හෙළිදරව් වීමයි. උන් උන්ගෙම ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසයි. එය රකින්නට ජනතාවට අඬගසයි. මහින්දගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔහුගේ පාලන සමය තුළ වෙඩිකා මියදුණු, අතුරුදහන් වුණු, පැහැරගැණුනු හා හිරගතව දුක්විඳි සියදහස් ගණනක් මිනිසුන් දෙස් දෙනු ඇත. රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදයද එසේමය. එය උද්ඝෝෂණවලට කළ පහරදීම්, හිරගතකිරීම්, නඩු පැවරීම්වලින් පමණක් නොව සයිටම් සටන සමයේ සුදුවෑන් ගෙනවිත් පැහැරගැනීම සඳහා ගත් උත්සාහයන්ගෙන්ද සමන්විතය. මැතිවරණ කල්දැමීම, මර්දන අණපනත් ගෙන ඒම, දේශපාලන හිරකරුවන් නිදහස් නොකිරීම ආදියද ඊට අයත්ය. ඒ අනුව මේ කාගෙ කාගෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ තරම පැහැදිලි වෙයි.

අධිරාජ්‍යවාදි රූකඩ හා වැනසෙන ජීවිත             
 මේ බලපෙරළියට හා දේශපාලන අර්බුදයට ගෝලීය අධිරාජ්‍යවාදී කඳවුරු අතර ඇතිවී තිබෙන ගැටුමද බලපා ඇත. මහින්ද චීනයේ හුරතලා වන විට රනිල් යනු එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර කඳවුරේ හුරතලාය. මහින්ද  ආණ්ඩුව යැපුණේ චීන ණයවලින් වන අතර ඒ සඳහා රට තුළ වරායවල්, ගුවන් තොටුපලවල් හදමින් අධිරාජ්‍යවාදී භූ දේශපාලන උවමනාවන් සඳහා ලංකාව චීන කොලනියක් කරමින් පැවතියේය. 2015 මහින්ද පැරදවීමේ සටනේදී එක්සත් ජනපදය විශාල කාර්යභාරයක් ඉටුකළ අතර ඔවුන්ට යහපාලන ආණ්ඩුව තුළින් බටහිර කඳවුරේ ආර්ථික හා දේශපාලන උවමනාවන් ඉටුකරගැනීමට හැකිවිය. දෙගොල්ලම අධිරාජ්‍යවාදී ගැත්තෝය. ඔවුන්ගේ පදයට නැටවෙන රූකඩය. රටත් ජනතාවත් ඔවුන්ගේ ආර්ථික හා බල උවමනාවන් සඳහා බිලිදී වාසි ලබන්නෝය.
බල පෙරළියේදී මේ කඳවුරු දෙකේම මැදිහත්වීම මැනවින් හෙලිදරව් විය. චීනය මුලසිටම නිහඬ සහයෝගයක් දක්වන ලද අතර බටහිර තානාපති කාර්යාල සියල්ලම පාර්ලිමේන්තුව පවා සමීපව නීරීක්ෂණය කරමින්ද, මූල්‍ය අරමුදලේ ණය වාරික අත්හිටුවමින්ද සිය බලපෑම එල්ල කළේය. එසේම මහින්දද මේ බලපෑම් හමුවේ බටහිර කඳවුර සමඟ වුව වැඩකිරීමේ කැමැත්ත පෙන්වා ඇත. ඒ අනුව මොන පාර්ශවයක් බලය තහවුරු කරගත්තද, එහි වෙනසක් නැත. රට අධිරාජ්‍යවාදයේ ගොදුරක් වීමත්, සුපුරුදු ප්‍රතිසංස්කරණ සියල්ල එලෙසම ක්‍රියාත්මක කරමින් ජනතාව කොල්ලකෑමත් පමණක් සිදුවනු ඇත.

සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය හා අරගලය                     
මේ නිසා ඉතාමත් මැනවින් පැහැදිලි වන්නේ පාලක පංතියේ කිසිවකුටත්  ආර්ථික ප්‍රශ්න විසඳීමේ හෝ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දිනාදීමේ හැකියාවක් නොමැති බවය. දිනෙන් දින රටේ ආර්ථිකය කඩා වැටෙමින් පවතින අතර එය ගෝලීය වශයෙන් ධනවාදය මුහුණ දී ඇති අර්බුදයට  සාපේක්ෂය. රුපියලේ කඩාවැටීම, අයවැය හිඟය, ගෙවුම්ශේෂ අර්බුදය, ණය බර, උද්ධමනය, ඉහළ යන ජීවන බර, වැටුප් මට්ටම්වල කඩාවැටීම මේ ආදී සියල්ල දෙස බැලීමේදී පෙනී යන්නේ නව ලිබරල් ආර්ථිකය පැමිණ ඇති සීමාවය. එයට මේ අර්බුදය විසඳීමේ හැකියාවක් නොමැති අතර විසඳීමට යැයි කියමින් ඉදිරිපත්කරනු ලබන  කොන්දේසි හරහාද සිදුවන්නේ තවතවත් ප්‍රශ්නය උග්‍රවීමය. ඒ නිසා තවතවත් ජනතාව මත පීඩනය පැටවීම ඇරෙන්න පාලකයන්ට විසඳුමක් නැත. ඒ නිසා ජනතාව මේ පීඩනය දරාගත නොහැකිව සටන් වදිනු ඇති අතර එකී අරගල හමුවේ පාලකයන් දොඩවන ප්‍රජාතන්ත්‍රවාදය සුපුරුදු පරිදි පුස්සක් බවට පත්වනු ඇත. ඒ නිසා කළ යුතුව ඇත්තේ පාලක පංතිය අටවන උගුල්වලට කොටු නොවී ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සඳහා සැබෑ ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමය. ආර්ථික ජීවිතයේ ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාවය දිනාගත හැකි සමාජයක් වෙනුවෙන් සටන් වැදීමය. ඒ හැර කිසිදු විකල්පයක් ඉතිරිව නොමැති අතර එහිදී ලිබරල් මනස්ගාතවලින් පමණක් නොව වාම වෙස්ගත් ධනපති ඒජන්තයන්ගේ රැවටිලිකාර මුහුණුවලින්ද අප ප්‍රවේසම් විය යුතුය.

Thursday, October 11, 2018

මර්දනය, පසුගාමීත්වය හා අරගලය.. දේශපාලන සටහන


දැන් පාලක පංතියේ ප්‍රධානම අභියෝගය කුමක්ද? මුලුමහත් රාජ්‍ය යාන්ත්‍රණයම වෙලාගත් හොරකම වංචාව, දූෂණයද? නැතිනම් අකාර්්‍යක්ෂමතාවද?  නව ව්‍යවස්ථාවක අඩුවද?  ඇතැමුන් කියන්නාසේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතියක් නැතිකමද?  නීතියේ වල්වැදීමද? නොඒසේනම් දිනෙන් දින කඩා වැටෙමින් පවතින ආර්ථිකයද? ණය බරද? මු`එමහත් සමාජය වෙළාගත් ආර්ථික හා සමාජ පීඩනයද? නැත.  ජීවන බර ඉහළයාම, දේශීය ආර්ථිකයේ බිඳවැටීම, සියදිවි හානිකරගැනීම් අතින් පළමුතැන ගැනීම, ලෙඩ රෝග වසංගත ව්‍යාප්තිය හා සුවකළ හැකි ලෙඩරෝගවලින් පවා මිනිසුන් මියයාම, දරුවෝ පාසල් නොයාම, මහජන සෞඛ්‍ය සේවය දිනෙන් දින වැළලීයාම, පරිසර දූෂණය හා සොබාවික විපත්හි සිදුවී ඇති වේගවත් ඉහළයාම, කුණු කඳු ගොඩගැසීම හෝ ඒවාට යටවී මිනිසුන් මියයාම මේ කිසිවක් පාලකයන්ට අභියෝගයක් වී ඇතැයි පෙනෙන්නට නැත. ඔවුන්ද ඉතාමත් හොඳින්ම දන්නා පරිධි මේ කිසිවකුත් ඔවුන්ට විසදිය නොහැකිය. මන්දයත් මේ ධනවාදයේ හැටිය. එහි උප්පත්තිමය දෝෂයන්ය. තාවකාලිකව එහි යම් වෙනස්කම් කළ හැකය. නමුත් ඒ කිසිවක් වැඩිකල් අල්ලන්නේ නැත. ඒ නිසා ඊනියා ලිබරල් බුද්ධිමතුන් හෝ වාමවෙස්ගත් ධනේෂ්වර ඒජන්තයින් මේ ගැන අඩා වැළපීමෙන් කිසි පලක් වන්නේ නැත. මේ නම් ධනවාදය. එහි සැබෑ යථාර්තයය.

එසේනම් ඔවුන්ගේ අභියෝගය කුමක්ද? මේ ප්‍රශ්න කිසිවක් විසඳීම නොව ඒවා යටගැසීමය. විඳදරාගන්නට ජනතාව හුරුකිරීමය. කිසිදා සැබෑනොවන හීනයක ජනතාව ගිල්ලවා තැබීමය. ඒ සඳහා ජනතාව ගොනාට අන්දන්නේ කෙසේද? එහි වගකීම පටවන්නේ කා පිටද? පීඩිත ජනතාව වසඟයට ගන්නේ කෙසේද? නැති වුන් දමනය කරන්නේ කෙලෙසද? පීඩිත බලවේග අසමගිකරන්නේ කෙසේද? මේ ඔවුන් අද වද වෙන ප්‍රශ්නය. ඒ නිසා ආණ්ඩු පකත්ෂයේ පමණක් නොව විපක්ෂේ බලවේග ද ඒ සඳහා සම්මුතියකට එළබී ඇත. ඒ ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිවය. එය අතුගාදැමීමටය. 

මෙතෙක් කල් ආණ්ඩුව නිහඩව සිටියේය. ඉන් කියවෙන්නේ මර්දනය නොකළේය යන්න නොව, නමුත් වියරු වැටී මෙතරම් පිස්සු කෙලිනා තැනටම නොගියේය යන්නය. නමුත් ඒ ටික කාලයකට පමණක්ය යන්න අපි අනන්තවත් අනතුරු අඟවා ඇත. මන්දයත් ධනවාදයට දිය හැකි ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ නිදහසක් නොමැති බව ඕනෑම ළදරුවකුට වුවුද තේරෙන නිසාය. අවුරුදු තුනක් දත් මිටිකාගෙන සිටියේය. ඒ අතර නීතියෙන් සෙල්ලම් දැමීය. එහෙත් එය සාර්ථක වූයේ නැත. නඩු පිට නඩු දමද්දීත්, සිසු නායකයින් හිරගත කරද්දීත් අරගලය ඉදිරියට ගියේය. සිසුන් පමණක් නොව මේ අරගලය වටා පොදු ජන බලවේ ද අන් කවරදාටත් වඩා ඒකරාශී විය. එහි හොඳම නිදසුන සයිටම් අරගලයයි. එහි ප්‍රතිඵලය ආණ්ඩුව ඇන්නේය. අකමැත්තෙන් වුවද සයිටම් අහෝසිකරන්නට සිදුවිය. එපමණක් නොව එම අරගලය සමාජය වෙත ගෙනා ආශ්වාදය අති මහත්ය. සටන් කර ජයගත හැකිය යන්න එහි දී යළි යළිත් ඔප්පු විය. අනෙකුත් ජනතා අරගල කෙරෙහිද එය නව ආලෝකයක් ගෙනාවේය. නමුත් එය පාලකයන්ට දිරවන්නේ නැත. මේ විදිහට ගියොත් ඔක්කොම ඉවරයි. හැම එකාම සටන්කරන්න ගත්තොත් අපේ පැවැතමක් නෑ. මේ ඔවුන් හිතන හැටිය. ඒ නිසා දැන් අපායේ ඉන්ටවල් ඉවරය. ආණ්ඩුව වැඬේට බැස ඇත. ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස ඒ ගැන කතාවලින් තවත් වැඩක් නැත. ආණ්ඩුව සැරසෙන්නේ කෙක්කෙන් බැරි දේ කොක්කෙන් හෝ කරන්නටය. 

පාලක පංතියට අධ්‍යාපනය විකිණීමට නම් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීම හැර වෙන විකල්පයක් නැත. නමුත් එය හිතනා තරම් පහසු ද නොවේ. මන්දයත් ශිෂ්‍ය ව්‍යාපාරය පිටුපස ඇති මහා ශක්තිය පොදු ජන සහය වන නිසාය. ඒ නිසා මුලින්ම කළ යුත්තේ ජනතාව ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව බිඳවීමය. ඒකට හේතුවක් සොයා ගැනීමය. ඒ අනුව දැන් සිදු කරමින් ඇත්තේ එයයි. එනම් නවක වද තුරුම්පුව ඇදීමයි. සරසවි සංස්කෘතිය ප්‍රශ්න කිරීමයි. ඕනෑම සංස්කෘතියක් ගත්විට එහි හොඳ මෙන්ම නරකද තිබේ. එය සරසවි උපසංස්කෘතියටත් පොදුය. සාමූහිකත්වය, සහෝදරත්වය, සටන්කාමීත්වය වැනි සාධනීය ලක්ෂණ මෙන්ම පසුගාමීකම්ද එහි ඇත. නමුත් ඒ කිසිවක් හුදු සරසවියටම පමණක් සීමා වූ දේ ලෙස පමණක් නොව මහා සංස්කෘතියේ පිරිහීම පෙන්වන පොදු ප්‍රකාශනයන් බවද අප වටහාගත යුතුය. මන්දයත් සරසවි ශිෂ්‍යා පමණක් දඩු කඳේ ගැසීම තුළ එය වෙනස් කළ නොහැකි බැවිනි. ශිෂ්‍ය ව්‍යාපාරයද එහිදී වටහාගත යුතු දෙයක් ඇත. එනම් සංස්කෘතිය යැයි කියමින් සියල්ල ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට සිය වැරදි දුර්වලතා හඳුනාගනිමින් වඩාත් දියුණු උපසංස්කෘතියක් නිර්මාණය කරගන්නේ කසේද යන්නයි. සරසවිය පවත්නා සමාජය කුණුවීම පෙන්වන නිදසුනක් වෙනවාද නොඑසේනම් මු`එමහත් සමාජයටම ආදර්ශයක් වෙනවාද යන්න අප තීරණය කළ යුතුය.
  
එසේම අපි කවුරුත් මේ සියලු අඩුපාඩු වෙනුවෙන් අරගල කරන ගමන්ම පාලක පංතියේ සියලුම කොටස් අද සම්මුති ගතවී පෙන්වන පුහු නවක වද විරෝධය තුළ හා නවකයන් පිළිබ`ඳව පෙන්වන අමුතු දයාව තුළ ඇති යථාර්තය තේරුම්ගත යුතුය. දැන් මේ ආණ්ඩුව සැරසෙන්නේ කුමක් සඳහාද යන්න තේරුම් ගැනීමට නම් පසුගිය අත්දැකීම් යළි ආවර්ජනය කළ යුතුය. එයට වැඩි දුරක් යායුතු නැත. පහුගිය රජපක්ෂ ආණ්ඩුව ද සිය නරුම මර්දනයේ ආරම්භය ගත්තේ මෙසේය. එනම් යුද්ධය අවසන් වන්නටත් පෙර ධනපති මාධ්‍ය සිය මතාවාදීමය මෙහෙයුම ආරම්භ කළේය. අද මෙන්ම දිවයින එදාද කතුවැකකි ලිවීය. එහිදී පුන පුනා කී කතාවක් ඇත. එනම් දැන් උතුර මුදාගෙන ඉවරයි. හැබැයි ආරක්ෂක අංශ වෙත තව එක් වගකීමක් ඇත. එනම් දකුණේ මුදානොගත් කලාප මුදා ගැනීමයි. ආණ්ඩුව ඊළඟට හමුදාව ඒ වෙනුවෙන් යෙදවිය යුතුය. පාලකයන්ට අනුව දකුණේ විශ්වවිද්‍යාල යනු මුදානොගත් කලාප විය. මන්දයත් ඒවාහි ඔවුන්ට රිසි සේ දේශපාලන සංදර්ශන පැවැත්විය නොහැකි බැවිනි. එසේම ශිෂ්‍යයෝ ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුමත කරන්නෝ වෙනවා වෙනුවට ඒවා ප්‍රශ්න කිරීමද මේ සිතීමට හේතුවන්නට ඇත. කෙසේ හෝ මුලින් මතවාදය හැදීය. පසුව මර්දනය ගෙනාවේය. ඒ අනුව සියලුම ශිෂ්‍ය සංගම් තහනම් විය. ශිෂ්‍යයෝ දහස් ගණනකගේ පංති තහනම් කළේය. සිසු නායකයෝ හිරගත කළේය. නවකයන් වෙනුවෙන් හමුදා පුහුණුවක් දීමෙන්ද සරසවි ඇතුළට ගෝඨාභයගේ සිය කුළී හේවායන් එවීමෙන්ද ශිෂ්‍ය ව්‍යාපාරය මිලිටරිමය වශයෙන් වටලෑහ. සිසුන් තිදෙනෙක් මරා දමනු ලැබිණ. එයටම ගැලපෙන ඇමති කෙනෙක් පත්විය. එස් බී වියරුවෙන් දැගලීය. සිසුන් සිය දහස් ගණනක් හෝ එළියට ඇද දමා අධ්‍යාපනය විකුණන බවට කීය. මේ සියල්ලේ අරමුණ ඉතාමත් පැහැදිළි විය. එනම් එහි අරමුණ නිදහස් අධ්‍යාපනය විකිණීම බව පෙන්වමින් 2011 දී පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙනාවේය. එහෙත් ඒ කිසිවකට සිසු අරගලයට අඩ තැබිය නොහැකි විය. අන්තිමේ ශිෂ්‍ය ව්‍යාපාරය නොව ගෙදර ගියේ ආණ්ඩුවය. ඒ කවදත් ජනතා අයිතීන් කොල්ලකෑමට ආ පාලකයන්ට අත්වූ ඉරණමය.

දැන් යළි සිදුවෙමින් ඇත්තේද එය බව තේරුම් ගැනීම අපහසු නැත. ධනපති මාධ්‍ය ඒ පැරණි මෙහෙයුම යළි අරඹා ඇත. කතුවැකි ලියන්නේය. හමුදාව හෝ දමා අන්තරේ අතුගා දමන්නැයි කියන්නේය. ඔවුන් මේ ඉල්ලන්නේ ලේය. ඒ ගැන අපි පුදුම විය යුතු නැත. කවදත් ධනපති පංතියේ හැටි එහෙමය. ඔවුන් සිය ලාභය වෙනුවෙන් මේ මහපොළව මත කර ඇති විනාශය අති මහත්ය. එහෙත් සිය ලාභ උපරිම කිරීමේ මෙහෙයුම තවමත් එහෙමය. එයට අවශ්‍ය සියල්ල විකිණීම පමණි. නඝ්න ලෙස සියල්ල සූරාකෑම පමණි. එහිදී ශිෂ්‍ය ව්‍යාපාරය ඔවුන්ට ඉමහත් හිසරදයක් වී ඇත. ඉතින් ඒ බාදාව ඉවත් කරගතයුතුය. දැන් මේ නවක වදය ගැන හදිසියේ මතක් වී ඇත්තේ ඒ නිසාය. නවකයෝ කෙරෙහි වන අනුකම්පාවද එසේමය. එය අපි තේරුම් ගත යුතුය. අනික මේ කස කාරයා පමණි. එයින් ඇඟවෙන්නේ පෙරහැර නුදුරේම පැමිණෙමින් තිබෙන බවය. රුහුණේ භික්ෂුන් හිරගත කිරීම, නයිවල එච් එන් ඩී එකේ සිදුවූ සිසු ගැටුමක් නවකවදයක් සේ පෙන්වීම, නවක වදය වැලැක්වීමට යැයි කියමින් රජරට සරසවියේ නේවාසිකාගාරවලට ආරක්ෂක අංශ හා විනය පාලක බීමතින් කඩා පැනීම, බොරු චෝදනා එල්ලකරමින් සිසුන්ට වසර ගණනක පංති තහනම් ලබාදීම, මාධ්‍ය සාකච්ඡා, රූපවාහිනී සංවාද, දිනපතා ලියවෙන කතුවැකි මෙහි ආරම්භයක් පමණි. එය ඉදිරියේදී ශිෂ්‍ය සංගම් තහනම් කිරීම, හිරගතකිරීම්, පංති තහනම්, හමුදා වටලෑම්, මරණ තර්ජන, පහරදීම් ආදී මේ කුමන ආකාරයකින් වුවද පැමිණිය හැකිය. සිසු අරගලය පොඩිපට්ටම් කර අධ්‍යාපනය විකිණීම  එහි අවසාන අරමුණ බවට කිසි විවාදයක් නැත. ඒ නිසා අපි ඉතාමත් බුද්ධිමත්ව මේ මොහොතේ කළ යුත්තේ රාජ්‍ය මර්දනයත්, මර්දනයට තුඩු දෙන අප තුළම වන පසුගාමී කමුත්, අධ්‍යාපනය ඇතු`එ ජනතා අයිතීන් කොල්ලකෑමට එරෙහිවත් කොන්දෙසි විරහිතව සටන්වැදීම පමණි.  
ම

Monday, August 20, 2018

අපිට මොකද අපි අටසිල් උපාසක, පුච්චන්නේ ඉබ්බන්ගේ අනික් පිට’





දේශපාලන සටහන

වරක් ගමනක් යමින් සිටි උපාසකයෙක් අතරමඟදී ඉබ්බෙකු පුළුස්සමින් සිටි කොලු රෑනක් දිටීය. පිළිස්සිය යුතු වූයේ ඉබ්බාගේ යටි පැත්තෙන් වුවද කොල්ලන් පුළුස්සමින් සිටියේ කට්ට පැත්තයි. ඉබි මස් කෑමෙහි ගිජු වූ උපාසකයාට මෙය නිවැරදි කරන්නට අවැසි විය. නමුත් ප්‍රාණඝාතයට අනුබල දී සිල් කඩාගැනීමට නොහැකිය. ඉබිමසට ඇති වූ ආශාව ද සංසිදුවාගත නොහැකිය. එහෙයින් අසල ගසක් යටට ගිය ඔහු කොල්ලන්ට ඇසෙන්නට මෙසේ කීය. ‘අපිට මොකද අපි අටසිල් උපාසක, පුච්චන්නේ ඉබ්බන්ගේ අනික් පිට’

වත්මන් ආණ්ඩුවේ කල්කිරියාවද උපාසකයාට දෙවැනි නැත. ජනාධිපතිගේ සිට සියලු මැති ඇමතීන් උපාසකයන්ය. සියල්ලන්ම අලවාගෙන සිටින්නේ මහජන හිතසුව පිණිස ලේබලයය. ආණ්ඩුව පමණක් නොවේ, විපක්ෂයේ තියරියද එසේමය. විපක්ෂය ජනතාවගේ විමුක්තිදායක භූමිකාවට අවතීර්ණ වෙමින් නින්දෙන් නැගිට්ටවුන් මෙන් කටයුතු කරමින් ඇත. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය යොදාගෙන ජනතාවට සංවර්ධනයේ සුරලොව පෙන්වමින් පක්ෂ විපක්ෂ සියල්ලෝම එක්වී ජනතාවට හිපිට අපායක් නිමාණය කරමින් සිටිති
.
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නවලිබරල් ආථික වැඩපිළිවෙළයි. මෙතෙක් වෙළඳ පොළට විවෘත්ත නොවූ සියලුම ජනතා අයිතිවාසිකම් ඒ හමුවේ වෙළඳ භාණ්ඩකරණය කරමින් සිටී. එපමණක් නොව අවම වශයෙන් හෝ පැවති සුභසාධන සේවාවන් කප්පාදු කරමින් අයි.එම්.එෆ්, ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව වැනි අධිරාජ්‍යවාදී මූල්‍ය සංවිධානවල කොන්දේසි ඉටු කරමින් ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමද එම නවලිබරල් ප්‍රතිසංස්කරණවලම තවත් එක් පාර්ෂවයකි.  සක්කරයාගේ පඬුපුල් ආසනයේ හිඳගෙන ඉන්නවුන් මෙන් මාධ්‍ය ඉදිරිපිට කරුණා බස් තෙපලමින් ඊනියා සංවර්ධනයේ කඩතුරාවෙන් ජනතාවට කොළේ වසා ආණ්ඩුව සිදු කරන්නේ සූරා කන්නවුන්ගේ මඩි තර කිරීම පමණි

ආණ්ඩුව පමණක් නොව විපක්ෂයේ පැටිකිරියද මෙයට දෙවැනි නැත. ඔවුන්ගේ දේශපාලන වැඩපිළිවෙළවල්ද උග්‍ර වී ඇති ධනේෂ්වර ආර්ථික අතීසාරයට නවලිබරල් අමුඬය වෙනත් ගැටයකින් ගැසීම හැර අන් යමක් නොවේ. පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ ජනතා අයිතිවාසිකම් කොල්ලකමින් ඊට එරෙහි වන්නන් මරා දමමින් හා පැහැර ගනිමින් නවලිබරල් ප්‍රතිසංස්කරණ සිදු කළ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නන් අද විමුක්තිදායකයන් මෙන් ආණ්ඩුවට බැණ අඬගසමින් ජනතාවගෙන් බලය ඉල්ලයි. ඒ නැවත බලයට පැමිණ තමන්ට අවැසි ලෙස නවලිබරල් කොල්ලය තීව්‍ර කිරීමට මිස අන් යමකට නොවේ.

ජනතා විමුක්ති පෙරමුණ ද රතු කොඩිය වනමින් බැස ඇත්තේ නවලිබරල් පාලකයන්ගේ බල සූදුවටම මිස අන් යමකට නොවේ. පසුගිය කාලය පුරාවටම ඔවුන්ගේ වැඩපිළිවෙළ ඉලක්කගත වූයේ මෙම පාලක බලසූදුවේ වැඩි තුරුම්පු ගණනක් තමන්ගේ ඔඩොක්කුවට හලාගන්නේ කෙසේද යන්න මත පදනම්වය. පැරණි වම ඉපැරණි වම බවට පත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද රෝහණ විජේවීර සහෝදරයා දැඩි ලෙස විවේචනය කළ පැරණි වමේ කුනම්මඩු ඇත්තන් බවටම පත්ව ඇත. එහෙයින් ජනතා විමුක්ති පෙරමුණ ද මේ නවලිබරල් බල සූදුවේම තුරුම්පුය. මෑත කාලය පුරාවටම පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ පැටිකිරිය හෙළිදරව් වූ සිදුවීම් කිහිපයක් උදාහරණ වශයෙන් අපට සාකච්ඡාවට ගත හැකිය.

පරිසරවේදීන්, විද්වතුන් ග්ලයිෆොසේට් අනවශ්‍ය හා අතිශය හානිදායක බව පුල පුලා පෙන්වා දෙද්දී ආණ්ඩුව සියලු භෝගවලට අදාළව තහනම ඉවත් කරන ලදී. මුලින්ම ගොඩනැගූ තර්කය වතු වගාකරුවන්ට ග්ලයිෆොසේට් නැතිවම බැරිය යන්නයි. නමුත් සැබෑ යථාර්ථය ග්ලයිෆොසේට් වැනි කෘෂි රසායන භාවිතය හේතුවෙන් මෙතෙක් අපනයන ආදායමක් ලෙස සොච්චමක් හෝ උපයාගත් තේ ආදායමද අහිමිවී යාමයි. ජපානයෙන් ලංකා තේ ආනයනය කිරීම තහනම් කිරීමට තව අවශ්‍ය වන්නේ විෂ රසායන මට්ටම 0.05ක් වැඩිවීම පමණි. රජයේ පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාට අනුව ග්ලයිෆොසේට් පානය කළ හැකි මට්ටමේ කෘෂි රසායනයකි. එය අනතුරුදායක නොවේ. ඇමරිකාවේ අධිකරණයක් මගින් ග්ලයිෆොසේට් පිළිකාකාරකයක් බවත් එයින් හානි වූවන්ට වන්දි ලබාදිය යුතු බවත් පවසන විට ලංකාවේ ග්ලයිෆොසේට් පානය කළ හැකි මට්ටමේ පළිබෝධ නාශකයක් වීම පුදුම සහගතය. මොන්සැන්ටෝ සමාගමේ කොමිස් මුදල්වල ආනුභාවය නම් විශ්මය ජනකය. නාලාගිරි මෙන් කුලප්පු වී දඟලන විමුක්තිදායක විපක්ෂයත් මොන්සැන්ටෝ සමාගම ඉදිරියේ දමනය වීම ආශ්චර්යයකි.

රාජ්‍ය, පෞද්ගලික හා වතු සේවකයන්ගේ වැටුප් දන්නා කාලයක සිට වැඩි වී නැත. වසර කිහිපයකට පෙර සතර දෙනෙකුගෙන් යුත් පවුලකට අවශ්‍ය අවම මාසික වියදම ලෙස මහබැංකුව පෙන්වා දුන්නේ රු. 55000කි. දැන් එය රු. 62000ක් වී ඇත. බදු බර දිනෙන් දින ඉහළ යයි. බඩු මිලත් ඊට සාපේෂව ඉහළ යයි. ජනතාව එය ප්‍රශ්න කරන විට ආණ්ඩුව මෙලෝ යකෙකුට නොතේරෙන මිල සූත්‍රයක් ඉදිරිපත් කරයි. ආණ්ඩුවට අනුව ඇලඩින්ගේ පුහුම පහන මෙන් මිල සූත්‍රය සති දෙකෙන් දෙකට පිරිමැද්ද විට ප්‍රශ්න විසඳෙයි. වැඩිවන ජීවන බරට සාපේක්ෂව වැටුප් වැඩිවීමක් පිළිබඳ කතාබහක්වත් නැත. අවම වශයෙන් පවතින ජීවන බරට සාපේක්ෂව රු.10000කින් වැටුප් වැඩි වුවද ප්‍රමාණවත් වන්නේ නැත. නමුත් ඒ තරම්වත් සහනයක් ජනතාවට නැත. මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීම සිදුවන්නේ මෙවන් පසුබිමක් තුළය. ජූලි මස 19 වන දින කැඳවූ පක්ෂ නායක රැස්වීමට පක්ෂ විපක්ෂ සියලු පක්ෂ නායකයන් සම්බන්ධ විය. මන්ත්‍රී ඇමති වැටුප් 216%කින් වැඩිවිය යුතු බවට යෝජනා කෙරෙන්නේ එහිදීය. එයද විමුක්තිදායක ඒකාබද්ද විපක්ෂයෙන් ඉදිරිපත් කළ යෝජනාවකි. මසකට පසු එය මාධ්‍ය මඟින් හෙළි කළ විට විරෝධය ප්‍රකාශ කළේද ඔවුන්මය. පක්ෂ නායක රැස්වීමට ජවිපෙ ද සහභාගි වූ අතර මාධ්‍ය මඟින් හෙළි වන තුරු ඔවුන්ද ඒ පිළිබඳ කටක් ඇරියේ නැත. නමුත් දැන් විරෝධය ප්‍රකාශ කරයි. ජූලි 19 පක්ෂ නායක රැස්වීමේදී මෙයට විරෝධය ප්‍රකාශ නොකළේ මන්දැයි ඇසූ විට ජවිපෙ ද ඒකාබද්ධ විපක්ෂය මෙන්ම දුම්මල වරම අතට ගනියි. පාර්ලිමේන්තු විමුක්තිදායකයන්ගේ පැටිකිරිය වටහා ගැනීමට මෙය කදිම නිදසුනකි.

ජීවන බර එක් පසෙකින් වැඩි වන විට අනෙක් පසින් ජනතාව සතු සියලු අයිතිවාසිකම් තවතවත් වේගයෙන් උදුරාගනිමින් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතු කරමින් තිබෙයි. දුම්රිය සේවාව පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළ දැනටමත් අරඹා ඇත. මාතර - හම්බන්තොට දුම්රිය මාර්ගය රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ලේබලය අලවාගනිමින් විකිණීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙයි. වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා නොබෝදා සිදුවූ දුම්රිය වැඩවර්ජනය පාදක කරගනිමින් පවා ආණ්ඩුව මෙය සාධාරණීකරණය කිරීමේ මතවාදී උත්සාහයක් දියත් කළ ආකාරය දැකගත හැකිවිය. තැපැල් සේවාව, රාජ්‍ය බැංකු වැනි මහජන දේපල පවා පෞද්ගලීකරණයේ මකර කට අභිමුවට ඇද දමා ඇත. මත්තල ගුවන් තොට හා හම්බන්තොට වරායද විකිණීමට කටයුතු කර ඇත. අගමැති පවසන පරිදි ඒ සිදුවන්නේ විකිණීමක් නොව සංවර්ධනය කිරීමකි. මහජනතාවගේ උරපතු පොඩිවන තුරුම බර දැනෙන්නේ ඒ සංවර්ධනයේ මහිමය නිසාවෙනි.

මෙපමණක් නොවේ. ෑඔත්‍ - ෑඡත්‍ කොල්ලකන ලදී. විශ්‍රාම වැටුප් අහිමි කරන ලදී. සමෘද්ධි සහනාධාරයේ පටන් සියලු මහජන සුභසාධනයන් කප්පාදු කරමින් පවතියි. කම්කරු ඇමති කළ ප්‍රකාශයකට අනුව රටේ ආර්ථික සංවර්ධනයට විශ්‍රාම වැටුප බාධාවකි. පාලකයන් බලාපොරොත්තු වන ආර්ථික සංවර්ධනය කවුරුන් ඉලක්ක කරගත්තක්දැයි එයින් පැහැදිලි වේ.  පාලකයන් වේදිකාවල තෙපරබාන පරිදි බලාපොරොත්තු වන්නේ මහජන සුභසිද්ධිය නම් ජීවන බර නහුතයක් වැඩි වෙද්දී යාන්තම් ජීවිතය ගැටගසා ගැනීමට තිබූ අවම පහසුකම් ටිකත් කොල්ල කන්නේ කුමක් සඳහාද? ඔවුන්ගේ ආර්ථික සංවර්ධනය යනු මහජනයාට අදාල වූවක් නොවේ. එය පාලක පංතිය ඉලක්ක කරගත් ආර්ථික සංවර්ධනයකි. පාලකයන්ගේ මඩි තර කරගන්නට ජනතාව වහලුන් සේ දිවා රෑ නොමැතිව කැඹිරිය යුතුය. ධනේෂ්වර ආර්ථික සංවර්ධනය යනු එයයි
.
පාලකයන් ක්‍රියාත්මක කරන්නේ අධිරාජ්‍යවාදී නවලිබරල් ආර්ථික ප්‍රතිපත්තියයි. නවලිබරල් අධිරාජ්‍යවාදය යනු කල් ඉකුත් වූ ධනවාදයෙන් වහනය වන පිළුණු ගඳයි. ධනේෂ්වර අර්බුදයේ පිළුණු ගඳ වසා ගන්නට ජනතාව ගොනාට ඇන්දවීමට කටයුතු කරන පාලකයන්ට අවශ්‍ය වී ඇත්තේ සිල් රකින බව පෙන්වමින් ඉබිමස් ගිලින්නටය. 2020 ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡාව කරළිගත වෙමින් පවතින හෙයින් පාලකයන්ගේ අර්බුදයේ අඳෝනාවන් ඉදිරියේදී තවත් වැඩියෙන් අසන්නට හැකිවනු ඇත. නමුත් උපාසකයන්ගේ වේශයෙන් පැමිණෙන සියල්ලන්ම ඉව අල්ලන්නේ ඉබ්බන් පුළුස්සන පුළුටු ගඳට වන බව අප සිහි තබාගත යුතුය.


Tuesday, May 2, 2017

අපේක්ෂාව සහ යථාර්ථය

ලොව පුරා කම්කරුවන් 129 වෙනි ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්න සියල්ල සූදානම්.  වෙනදා වගේම මෙවරත් පෙළපාලි, රැලි, සම්මන්ත‍්‍රණ ආදී තවත් බොහෝ දේ උත්සවශ‍්‍රීයෙන් පැවැත්වීමට නියමිතයි. හැබැයි බොහෝ කම්කරුවන්ට මෙවර කම්කරු දිනයත් තවත් එක් නිවාඩු දිනයක් වෙනවට කිසිඳු සැකයක් නෑ. කම්කරුවන්ට විතරක් නෙවෙයි සමස්ත පීඩිත පංතියටම කම්කරු දිනය ඉතාම වැදගත්. හැබැයි ගැටළුව ඔවුන් කම්කරු දිනේ වැදගත්කම අවධාරණය කරගෙන ද කියන එකයි. 

Friday, August 26, 2016

ජනතාව උගුලක සිරකළ ආර්ථිකයේ වියවුළ















දේශපාලන සටහන

ශී‍්‍ර ලංකාව වර්තමානයේ දී මුහුණදී සිටින ආර්ථික අර්බුධය රටෙහි මහජනතාව, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයින් මෙන්ම දේශපාලඥයන්ද තේරුම්ගැනීම වැදගත් යැයි 17 වෙනි ‘‘ශී‍්‍ර ලංකා ආර්ථික සමු`එවේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය. එහිදී ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශකර ඇත්තේ තත්ත්වය තේරුම්ගනිමින් ඒ සඳහා විසඳුම් සොයන ආණ්ඩුවේ උත්සාහයන්ට සහයය දීම කාගේත් වගකීම බවයි. 

Tuesday, July 26, 2016

අන්ධකාරය පලවා හැරිය යුතුව ඇත

මහා අන්දකාරය පලවා හැරිය යුතුව ඇත. මධ්‍යම රාත‍්‍රිය ගෙවිගොස් ඇත. නමුත් අන්ධකාරය එකසේම රජයමින් තිබේ. පාලකයන්ට හිරු උදාවිම තරම් ශොචනීය පුවතක් තවත් නැත. ඔවුන් සමාජය තවම අන්ධකාරයෙහි ගිලි තබෙන නිසා නිර්ධන පාන්තිකයන්ට කිසිදිනෙක අලොකය දකින්න නොලැබෙන බව පුන පුනා කියමින් සිටියි. නමුත් අපට වඩා හොදට හිරු උදාවිමට තිබෙන්නේ තව හොරා කිහිපයක් බව ඔවුන් දැන සිටියි. එම නිසාම හිරු උදාවිට ප‍්‍රථම වවුලන් මෙන් ලැග සිටිමට තැනි සොයමින් සිටියි. ශිෂ්‍යයන් මාළඹේ සයිටම් අහෝසි කිරීමේ සටන ඉදිරියට පැමිණෙන විට රාජිත සේනාරත්න අමතිවරයා තමන්ටම නඩු පවරා ගන්නේ නිකන්ම නොවේ. ඔහුට අනුව ඇත්තේ තව හොරා කිහිපයකි. සමාජය බලමු`ඵ ගන්වමින් සටියි. ජනවාරි අට ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙප්පයක් බව හෙළිවි තිබේ. ආණ්ඩුවට ඉදිරියට ගෙනයාමට සටන් පාඨ සොයමින් හතර අතේ ගාටමින් සිටියි. මෛති‍්‍ර රනිල් තමන්ට හම්බවෙන කුණුවි පරණ වු  ඕනෑම මස්කට්ටක් සුප්පු කිරීමට සැරසෙන්නේ මේ නිසාය. රටේ ආර්ථිකය කඩාගෙන වැටෙන විට කොක්කේන් බැරිනම් කෙක්කෙන් වැඬේ බෙරන්න සුදානමින් සිටියි. දැන් ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන බව පෙන්විමටත් සටනක් කරන බලවේග මර්දනය කිරීමටත් වඩා සුදුසු ක‍්‍රමවේද සොයමින් සිටියි. මෙහිදි ආණ්ඩුව නීති ප‍්‍රතිසංස්කරණය හරහා ජනතාව මර්දනය කිරීමට සැරසෙයි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදි බව කියන විට අනෙක් පැත්තේන් කටුනායක වේළදකලාපයේ කම්කරු නායකයන්ට මැරයන් ලවා පහර දිමට කටයුතු කරයි. මෙවැනි රංගනයක ඉදිරියේ සටන් කරන බලාවේගවල කාර්ය භාරය සු`ඵපටු නොවනක බවත් අප අවධාරණය කළ යුතුය.

Monday, July 11, 2016

ව්‍යාජ සටන් හුදු ආණ්ඩු මාරුවකින් පමනක් කෙළවර වෙනු ඇත

ලස්සනට හැඩවැඩවීමට කවුරුත් කැමතියි. එය වැරැුද්දක් නොවේ. විප්ලවවාදි ව්‍යාපාරයක හැඩය තනා ගතයුත්තේ අතිශ්‍යයෙන්ම සුන්දරවය. හදවත් ස්පර්ෂකරන මිනිස් සුවද ශරීරයේ ගලන රුධිර දහරා පවා කම්පනය කිරිමට සමත්වන්නේ එවිටය. නිෂ්මිගේ හදවත් ස්පර්ෂවුයේ එයිනි. කෝ මේ මාතලං ,ටොක්කා විප්ලවයේ සුන්දරත්වය ගෙන ආවේ ඔවුන්ගෙනි. අනුරාධපුර බන්ධනාගාරයේ කුමාර් ගුණරත්නම්ට මාංචු දමා සිරිකර තිබේ. සහෝදරය ඔබේ ආත්ම විස්වාසය කොතරම්ද ඒ හා පමණින් නිර්ධන පන්තියට ආත්ම විස්වාසදය කැදවනු ඇත. නිවැරදිව සටන් කරමු. ධනපති පන්තිය ඉදිරිපිට නිවටයනු ලෙස ඇද වැටෙන්නේ නැතිව සටන් කරමු. 71 විරුවන් ගැන මුනිච්ඡුාවට කතා කර මේ සමාජයට ධෛර්ය ගෙන එන්න බෑ. මේ සමාජයට එවැනි පණිවිඩයක් ලබා දෙන්නේ කවුද? ”බිය නොවන්න, ධනපති පන්තිය ඉදිරියේ දනින් නොවැටෙන්න’’ රොහණ සහෝදරයා කිවේ එසේය. ඇත්ත පිඩිතයන් මර්දනය කිරිමට මාන බලන් විශාල පිරිසක් ඉන්න බව ඇත්තය. මෙහිදි අප පැහැදිළිවම සතුරන් හදුනා ගත යුතුය. ව්‍යාජ වේෂයන් තුල සතුරා කවුද යන්න හදුනා ගැනිම අතිශ්‍යයෙන්ම දුෂ්කරය. මෙහිදි  ඕනෑම කෙනෙකුගේ පැහැය අනුව අපට එහි අදහසක් ගත හැකිය. ධනවාදයට අවශෝෂණය කරගත හැකි සටන් ජයගන්නේ ධනවාදයයි. එහෙත් එම සටන් නිර්ධනයන්ගේ ජයග‍්‍රහන දක්වා කෙළවර කිරිමට සමත් වන්නේ කවුද? යන්න එකිනෙකාගේ සටන්පාඨ අනුව තිරණය කළ හැකිය. එහිදි මර්දනය අනිවාර්ය වන අතර ඊට බිය විම යනු ධනවාදයේ බලා පෙරෝතතුවයි. ඇත්ත ධනපතියන්ට අනුව හිරේ ඉන්නේ අපතයන්ය, වැරදි කරුවන්ය. අපට අනුව පොලිසය, අධිකරණ, හිරගෙවල් තිබෙන්නේ පීඩිතයන් මර්දනය කරීම සදහාය. අපට මර්දනය ගෙන එන්නේ අප ගන්නා පැහැය අනුවය. ලස්සන අනුවය. තම පැවැත්ම සදහා පමණක් පීඩිතයන් පෙළ ගැස්විම සිදු කරන කණ්ඩායම් නියමයෙන් හෝ අනියමින් ධනපතියන්ට කරන්නේ උදව්වකි.  එසේ එසේ වනවිට සටනට පක්ෂ අවශ්‍ය නැත. එවිට සටනට දියාරු සටන්පාඨ එකතුවනු ඇත. තමන්ගේ ප‍්‍රශ්නේ පමණක් ප‍්‍රශ්නයක් වන අතර අනෙකුත් පිඩිතයන්ගේ ප‍්‍රශ්නේ ප‍්‍රශ්නයක් නොවනු ඇත. අපි ස්වාධින යැයි කියන්නෝ තමන්ගේ පහසදුවට එය එසේ කියන විට ජයගත හැනිවන්නේ පිඩිතයන්ගේ සටන්පාඨ නොව නැවත පාලකයන් අවශ්‍යශතාවය බව අමතක කරති.